ONUR සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පවත්වන “විපරිවර්තනීය පංති කාමරයට ගුරු පුහුණුව” TOT වැඩසටහන ආරම්භ වෙයි

ONUR සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පවත්වන “විපරිවර්තනීය පංති කාමරයට ගුරු පුහුණුව” TOT වැඩසටහන ආරම්භ වෙයි

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකාබද්ධව ගුරුවරුන් සදහා සිදුකරනු ලබන ජාතික සමගිය සහ ප්‍රතිසංධානය ප්‍රවර්ධනය කිරීමේ “විපරිවර්තනීය පංති කාමරයට ගුරු පුහුණුව” සහ-සංවාද වැඩසටහනේ පළමු වැඩසටහන වයඹ සහ උතුරුමැද පළාත් වල ගුරු මධ්‍යස්ථාන නියෝජනය කරමින් ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් පුහුණු කරුවන් ලෙස පුහුණු කිරීම (TOT) සදහා 2026.10.14,15,16 යන දිනවලදී පැවැත්වෙන අතර එම වැඩසටහන කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී 14 වන දින ආරම්භ කරන ලදී.

ඒ සදහා ප්‍රධාන සම්පත්දායක වශයෙන් ආචාර්ය රවින්ද්‍ර රණසිංහ මහත්මා සහ සම්පත්දායක කණ්ඩායම, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ අධ්‍යාපන හා ගැටුම් විපරිවර්තන අංශයේ සහකාර අධ්‍යක්ෂ සුසන්ත කුමාර මහතා හා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් කණ්ඩායමක් සහභාගි විය.

Posted in Uncategorized