“යකාවැවට නන්දි කඩල්” නාට්‍යයේ අවසන් දැක්ම BMICH කමත රඟහලේදී අභිමානවත්ව නිමවෙයි
ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලය විසින් නිෂ්පාදනය කරන ලද යකාවැවට නන්දිකඩාල් වේදිකා නාට්යයේ මෙම වර්ෂයේ අවසන් දර්ශනවාර දෙක 2026.06.28 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ කොළඹ කමත රංග ශාලාවේදී අති සාර්ථකව පැවැත්විණි. සුවපත් සමාජයක් පතන මිනිසුන්ගේ සංහිඳියාවේ සැබෑ ආමන්ත්රණය රැගත් මෙම නාට්ය නැරඹීම සඳහා පුජ්ය පූජක උතුමන්ලා, විශ්වවිද්යාල ආචාර්ය හා මහාචාර්යවරුන්, රාජ්ය තන්ත්රයේ විධායක නිලධාරීන් ඇතුළු රාජ්ය නිලධාරීන්, විශ්වවිද්යාල සිසුන්, නාට්ය හා රංගකලා සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. එසේම වර්තමාන ආණ්ඩු බලය හිමි ජාතික ජනබලවේගයේ ප්රධාන සංවිධායවරයා සහ අමාත්යවරුන් මෙන්ම මන්ත්රීවරුන් ද නාට්ය නැරඹීමට පැමිණීම සුවිශේෂි අවස්ථාවක් විය. නාට්ය අවසානයේ රංගයේ නිරතවූ ශිල්පීන් හා ඔවුන්ගේ සැබෑ ජීවන අද්දැකීම හඳුන්වා දෙමින් වැඩසටහන අවසන් විය. නාට්ය අවසානයේ සිය අව්යාජ හැගීම් ප්රකාශ කිරීමට පැමිණි පිරිස අමතක නොකළ බව ද සඳහන් කළ යුතුය.

- By slwebadmin



