ONUR සහ අධ්යාපන අමාත්යාංශය එක්ව සංවිධානය කරන “විපරිවර්තනීය පංති කාමරය” දෙවන වැඩසටහන යාපනයේදී
ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලය හා අධ්යාපන අමාත්යාංශය සමග එකාබද්ධව ගුරුවරුන් සදහා සිදුකරනු ලබන ජාතික සමගිය සහ ප්රතිසංධානය ප්රවර්ධනය කිරීමේ “විපරිවර්තනීය පංති කාමරයට ගුරු පුහුණුව” සහ-සංවාද වැඩසටහනේ දෙවන වැඩසටහන උතුරු පළාත් ගුරු මධ්යස්ථාන නියෝජනය කරමින් ගුරු අධ්යාපනඥ සේවයේ නිලධාරින් පුහුණු කරුවන් ලෙස පුහුණු කිරීම (TOT) සදහා 2026.10.21,22,23 යන දිනවලදී පැවැත්වෙන අතර එම වැඩසටහන යාපනය කෝපායි ගුරු විද්යාලයේදී 21 වන දින ආරම්භ කරන ලදී. ඒ සදහා ප්රධාන සම්පත්දායක වශයෙන් ආචාර්ය රවින්ද්ර රණසිංහ මහත්මා සහ සම්පත්දායක කණ්ඩායම, ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලයේ අධ්යාපන හා ගැටුම් විපරිවර්තන අංශයේ සහකාර අධ්යක්ෂ සුසන්ත කුමාර මහතා හා ගුරු අධ්යාපනඥ සේවයේ නිලධාරින් කණ්ඩායමක් සහභාගි විය.

- By slwebadmin




