සංහිඳියාවේ කලා මංගල්‍යය කන්තලේ නගර සභා ශාලාවේදී: “යකාවැවට නන්දිකඩාල්” සහ “සංහිඳියාවේ තෙවැනි ඇස” ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ඇගයීමට.
සුවපත් සමාජයක් උදෙසා අපි ශ්රී ලාංකිකයෝ කලා සංසද වැඩසටහන පසුගිය අගෝස්තු 19 වැනි දින ත්රීකුණාමල කන්තලේ නගරශාලා රංග ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණ. මෙම වැඩසටහනේ දී ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් 2025 වර්ෂයේ දී මොණරාගල හා මන්නාරම දිස්ත්රික්ක ඒකාබද්ධ කර ගනිමින් පවත්වන ලද ඡායාරූපකරණ වැඩසටහනේ ඡායාරූප ප්රදර්ශනය “සංහිඳියාවේ තෙවැනි ඇස” සංවිධානය කර තිබුණි. එසේම යකාවැවට නන්දිකඩාල් වේදිකා නාට්ය දර්ශන වාර දෙකක් ද පැවැත්වුණු අතර යකාවැවට නන්දිකඩාල් නාට්ය කථා තේමාව සැබෑ ජීවන අද්දැකිම් සහිත කණ්ඩායම් සමග කරන ලද සාකච්ඡාව සුවිශේෂී අවස්ථාවක් විය. ත්රිකුණාමලය දස්ත්රික් ලේකම්වරයා, කන්තලේ සහකාර ප්රාදේශීය ලේකම්වරයා සහ තවත් ප්රමුඛ රාජ්ය නිලධාරීන් සමගින් විශ්වවිද්යාල කථිකාචාර්ය වරුන්, සිසුන්, පාසල් සිසුන්, සහජීවන සංගම් සාමාජිකයන්, දිස්ත්රික් කලා සංසද සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. අපේක්ෂිත ප්රේක්ෂක ඉලක්ක අභිබවා දෙදහසකට ආසන්න පිරිසක් සම්බන්ධවීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙම වැඩසටහනේ මෙහෙයුම් කටයුතු දිස්ත්රික් හා ප්රාදේශීය ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලද අතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සෙසු සියලුම නිලයන් මේ සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

- By slwebadmin



