සුවපත් සමාජයක් උදෙසා අපි ශ්‍රී ලාංකිකයෝ කලා සංසද වැඩසටහන බදුල්ලේදී පවත්වන ලදී

සුවපත් සමාජයක් උදෙසා අපි ශ්‍රී ලාංකිකයෝ කලා සංසද වැඩසටහන පසුගිය ජූලි 28 වැනි දින බදුල්ල තැපැල් ශ්‍රවණාගාර රංග ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණ. මෙම වැඩසටහනේ දී ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් 2025 වර්ෂයේ දී මොණරාගල හා මන්නාරම දිස්ත්‍රික්ක ඒකාබද්ධ කර ගනිමින් පවත්වන ලද ඡායාරූපකරණ වැඩසටහනේ පළමු ඡායාරූප ප්‍රදර්ශනය “සංහිඳියාවේ තෙවැනි ඇස” සංවිධානය කර තිබුණි. එසේම යකාවැවට නන්දිකඩාල් වේදිකා නාට්‍ය දර්ශන වාර දෙකක් ද පැවැත්වුණු අතර යකාවැවට නන්දිකඩාල් නාට්‍ය කථා තේමාව සැබෑ ජීවන අද්දැකිම් සහිත කණ්ඩායම් සමග කරන ලද සාකච්ඡාව සුවිශේෂී අවස්ථාවක් විය. දිස්ත්‍රික් ලේකම්වරයා, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන් ප්‍රධානව සර්වාගමික පූජ්‍ය/පූජක උතුමන්ලා සමගින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, හෙද සිසුන්, සහජීවන සංගම් සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලද අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෙසු සියලුම නිලයන් මේ සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

Posted in Uncategorized

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*

two × five =