අන්තර් ප්‍රජා සබඳතා ගොඩනගමු

දීප ව්‍යාප්ත ප්‍රජා ඡාලය - සහජීවන සමාජ

ප්‍රජා ව්‍යාපෘති 10,000

ONUR දිවයින පුරා සමාජ සංවර්ධන ව්‍යාපෘති 10,000කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇත

සහජීවනය සමාජ 7,183

ONUR සාර්ථකව ඒකාබද්ධතාවය සඳහා සමාන්විත සමාජ සංගම් 7,183 ක් පිහිටුව ඇත

ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022

ONUR ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 තුළ කටයුතු කරයි

ලේකම් කොට්ඨාස 331

මෙම ආයතනය කොට්ඨාස ලේකම් මට්ටමේ කොට්ඨාශ 331 ක් හරහා ක්‍රියාත්මක වේ
image

සහජීවනය සමාජ 7,183+

දිස්ත්‍රික්කය මත ක්ලික් කර විස්තර බලන්න

දිස්ත්‍රික් සිතියම

පූර්ව අනතුරු ඇඟවීමේ/පූර්ව ප්‍රතිචාර (EWER) පද්ධතිය

අභිලාෂ ප්‍රකාශන (EoI) ඉදිරිපත් කිරීමේ ආකෘතිය

0+

වැඩසටහන්

අප ගැන

ONUR වෙත සාදරයෙන් පිළිගනිමු

ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) යනු විවිධත්වය සමරන අතරම ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. සියලු ජන කොටස්වල මූලික අයිතිවාසිකම්, නිදහස සහ සමානාත්මතාවයට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු. අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද 2015 මාර්තු 25 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට ප්‍රතිචාර වශයෙන් නිකුත් කරන ලද 2015 අප්‍රේල් 8 දිනැති කැබිනට් තීරණය මගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අධිකාරිය යටතේ ONUR පිහිටුවන ලදී. 2015 දෙසැම්බර් 18 දිනැති අංක 1945/41 ගැසට් පත්‍රයට අනුව ජාතික සංහිඳියාවට අදාළ කටයුතු ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේ ඇති ONUR වෙත පවරා ඇත. 2020 අගෝස්තු 9 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, ONUR අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කරන ලදී.

අපගේ දැක්ම

විවිධත්වයට සහ ජාතික අනන්‍යතාවයට ගරුකරමින් සියලු ශ්‍රී ලංකිකයින්ට සාමයෙන් සහ එකමුතුව වාසය කිරීමට අවශ්‍ය ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලන නිදහස සමානව සහතික කල හැකි ශක්තිමත්,ස්ථිරසාර, ප්‍රගතිශීලී, සාමයට ලැදි ජාතියක් දැකීම.

අපගේ මෙහෙවර

මූලික අයිතිවාසිකම්, නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමානාත්මතාවය, විවිධත්වයට ගරු කරමින් ජනවර්ග, ආගම, භාෂාව, කුලය, ලංගිකත්වය, උපන් තැන, දේශපාලන පිළිගැනීම් ආදී දෑ මූලික කොටගෙන වෙනස්ව සැලකීමෙන් තොරව සියළු පුරවැසියන්ට ගරුත්වයෙන් යුතුව සලකන සමාජයක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ සඳහා සහාය වීම.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය 2024 අංක 1 දරන පනත

තවත් කියවන්න..  

ශ්‍රී ලංකාවේ සන්සුන්වීම සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

තවත් කියවන්න..   .