ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) යනු විවිධත්වය සමරන අතරම ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. සියලු ජන කොටස්වල මූලික අයිතිවාසිකම්, නිදහස සහ සමානාත්මතාවයට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු. අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද 2015 මාර්තු 25 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට ප්‍රතිචාර වශයෙන් නිකුත් කරන ලද 2015 අප්‍රේල් 8 දිනැති කැබිනට් තීරණය මගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අධිකාරිය යටතේ ONUR පිහිටුවන ලදී. 2015 දෙසැම්බර් 18 දිනැති අංක 1945/41 ගැසට් පත්‍රයට අනුව ජාතික සංහිඳියාවට අදාළ කටයුතු ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේ ඇති ONUR වෙත පවරා ඇත. 2020 අගෝස්තු 9 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, ONUR අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කරන ලදී.
විවිධත්වයට සහ ජාතික අනන්‍යතාවයට ගරුකරමින් සියලු ශ්‍රී ලංකිකයින්ට සාමයෙන් සහ එකමුතුව වාසය කිරීමට අවශ්‍ය ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලන නිදහස සමානව සහතික කල හැකි ශක්තිමත්,ස්ථිරසාර, ප්‍රගතිශීලී, සාමයට ලැදි ජාතියක් දැකීම.
මූලික අයිතිවාසිකම්, නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමානාත්මතාවය, විවිධත්වයට ගරු කරමින් ජනවර්ග, ආගම, භාෂාව, කුලය, ලංගිකත්වය, උපන් තැන, දේශපාලන පිළිගැනීම් ආදී දෑ මූලික කොටගෙන වෙනස්ව සැලකීමෙන් තොරව සියළු පුරවැසියන්ට ගරුත්වයෙන් යුතුව සලකන සමාජයක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ සඳහා සහාය වීම.
අතිගරු. අනුර කුමාර දිසානායක
හර්ෂණ නානායක්කාර
මුනීර් මුලෆර්
අයේෂා ජිනසේන මහත්මිය
පී. විජිත් රොහාන් ප්‍රනාන්දු
මහේසන් මහතා
ONUR පහත වැඩසටහන් සහ ව්‍යාපෘති හරහා ජාතික සංහිඳියා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, රට පුරා විසිරී සිටින අයගේ හදවත් දිනා ඇත. මෙම වැඩසටහන් සහ ව්‍යාපෘති සඳහා මූලික වශයෙන් දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා දී ඇත.
Lorem ipsum dolor sit amet, conse ctetur.
Lorem ipsum dolor sit amet, conse ctetur.
Lorem ipsum dolor sit amet, conse ctetur.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit quisque.
29 June
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අතිගරු වොල්කර් ටර්ක් සහ ඔහුගේ නියෝජිත පිරිස සමඟ පැවති රැස්වීම ONUR හි සභාපතිනිය සහ ONUR හි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ජූනි […]
READ MORE24 June
සමාජ සංහිඳියා මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරුන් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා දින දෙකක සංවේදීකරණ වැඩමුළුවක් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR), විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව […]
READ MORE6 June
යාපනය තිස්ස විහාර ගැටලුව සම්බන්ධයෙන් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය විසින් ඉදිරිපත් කළ මාධ්‍ය ප්‍රකාශය.
READ MORE