ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මාධ්‍ය සංසද නියමු වැඩසටහන සාර්ථකව අවසන් වේ

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරනු ලබන සංහිඳියාව සඳහා මාධ්‍ය සංසද වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය පසුගිය 2026.10.05 වැනි දින සිට 2026.10.07 වැනි දින දක්වා අතුරුගිරිය NIPM ආයතනයේ දී සාර්ථකව අවසන් විය. එම වැඩසටහනේ දී මාධ්‍ය ආචාරධර්ම හා විනය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සකස් කරන ලද සත්‍යවාදීත්වය, මනුෂ්‍යත්වය වෙන්වෙන් සන්නිවේදනය, මාධ්‍ය ග්‍රාහක සුසංවාදය, හෘදශාක්ෂ්‍ය හා අනාගතවාදීත්වය යන මොඩියුල හතර සාකච්ඡාවට ගැනිණ. මෙම වැඩසටහනේ ආරම්භක දේශනය ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලද අතර ප්‍රධාන සම්පත්දායකත්වය ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දී විමල් කැටිපේආරච්චි මහතා සපයන ලදි. සම සම්පත්දායක මහත්ම මහත්මීන් අතර ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක චන්දන තිලකරත්න මයා, ලේකහවුස් කතෘමණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දී සිසිර යාපා මයා, ප්‍රවීණ ලේඛක හා මාධ්‍යෙව්දී කසුන් පුස්සවෙල මයා, ඡ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දී ඉෆ්තියා කාදර් මිය, ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දී රන්සි රණසිංහ මිය, ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දී ප්‍රමිශ්කා මිය සහ ප්‍රවීණ සම්පත්දායක විශ්වවිද්‍යාල ආරාධිත කථිකාචාරය නුවන් සුභසිංහ මහතා සම්බන්ධ විය. ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා අංශය විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර සහකාර අධ්‍යක්ෂ එච්.එස්. ලක්මාල් මයා වැඩසටහන මෙහෙයවන ලදි.

Posted in Uncategorized

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*

fourteen + fourteen =