ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහනේ දැනුවත් කිරීමේ සහ සැළසුම් සකස් කිරීමේ වැඩසටහන
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහනේ දැනුවත් කිරීමේ සහ සැළසුම් සකස් කිරීමේ වැඩසටහන අද 2026.05.19 දින ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන දේශන ශාලාවේ දී ආරම්භ විය. වැඩසටහන සඳහා දිස්ත්‍රික් 06 ක් නියෝජනය කරමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් 12 දෙනෙකුද ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා නියෝජනය කරමින් 12 දෙනෙකුද, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ නිලධාරීන්, ගුවන්විදුලි සංස්ථාවේ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වේ. ආරම්භක දේශනය ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා පැවැත්වූ අතර ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වන ලදි. දේශන මෙහෙයවීම ප්‍රවීණ දේශක නුවන් සුභසිංහ මහතා විසින් සිදුකරනු ලබන අතර දින දෙකක මෙම වැඩමුළුව හරහා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන පිළිඹඳ දැනුවත් කිරීම සහ එම වැඩසටහනේ ක්‍රියාකාරී සැළැස්ම සකස් කර ගැනීමට අපේක්ෂිතය.


- By slwebadmin



