යහපත් සමාජයක් උදෙසා අපි ශ්‍රී ලාංකිකයෝ” කලා සංසද වැඩසටහන මාතලේදී අභිමානවත්ව
සුවපත් සමාජයක් උදෙසා අපි ශ්‍රී ලාංකිකයෝ කලා සංසද වැඩසටහන පසුගිය අගෝස්තු 21 වැනි දින මාතලේ හෝටල් පාසල් රංග ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණ. මෙම වැඩසටහනේ දී ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් 2025 වර්ෂයේ දී මොණරාගල හා මන්නාරම දිස්ත්‍රික්ක ඒකාබද්ධ කර ගනිමින් පවත්වන ලද ඡායාරූපකරණ වැඩසටහනේ ඡායාරූප ප්‍රදර්ශනය “සංහිඳියාවේ තෙවැනි ඇස” සංවිධානය කර තිබුණි. එසේම යකාවැවට නන්දිකඩාල් වේදිකා නාට්‍ය දර්ශන වාර දෙකක් ද පැවැත්වුණු අතර යකාවැවට නන්දිකඩාල් නාට්‍ය කථා තේමාව සැබෑ ජීවන අද්දැකිම් සහිත කණ්ඩායම් සමග කරන ලද සාකච්ඡාව සුවිශේෂී අවස්ථාවක් විය. මාතලේ දස්ත්‍රික් ලේකම්වරයා නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය, මාතලේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ තවත් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සමගින් දිස්ත්‍රික්කයකම ආවරණය කරමින් සහජීවන සංගම් සාමාජිකයන්, දිස්ත්‍රික් කලා සංසද සාමාජිකයින්, අධ්‍යාපන කාර්යාලය, සිවිල් සංවිධාන ඇතුළු සෙසු රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ දී ද අපේක්ෂිත ප්‍රේක්ෂක ඉලක්ක අභිබවා දෙදහසකට ආසන්න පිරිසක් සම්බන්ධවීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. වැඩසටහනේ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලද අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෙසු සියලුම නිලයන් මේ සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

- By slwebadmin



