කලාව තුළින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම: නිරෝගී සමාජයක් සඳහා වූ අපි ශ්‍රී ලාංකිකයෝ මාතර දී පැවති කලා සංසදය

කලාව තුළින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම: නිරෝගී සමාජයක් සඳහා වූ අපි ශ්‍රී ලාංකිකයෝ මාතර දී පැවති කලා සංසදය

සුවපත් සමාජයක් උදෙසා අපි ශ්රී ලාංකිකයෝ කලා සංසද වැඩසටහන පසුගිය ජූලි 03 වැනි දින මාතර නූපේ සඛණ රංග ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණ. මෙම වැඩසටහනේ දී ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් 2025 වර්ෂයේ දී මොණරාගල හා මන්නාරම දිස්ත්රික්ක ඒකාබද්ධ කර ගනිමින් පවත්වන ලද ඡායාරූපකරණ වැඩසටහනේ පළමු ඡායාරූප ප්රදර්ශනය “සංහිඳියාවේ තෙවැනි ඇස” සංවිධානය කර තිබුණි. එසේම යකාවැවට නන්දිකඩාල් වේදිකා නාට්ය දර්ශන වාර දෙකක් ද පැවැත්වුණු අතර යකාවැවට නන්දිකඩාල් නාට්ය කථා තේමාව සැබෑ ජීවන අද්දැකිම් සහිත කණ්ඩායම් සමග කරන ලද සාකච්ඡාව සුවිශේෂී අවස්ථාවක් විය. නගරාධිපතිවරයා ප්රධානව සර්වාගමික පූජ්ය/පූජක උතුමන්ලා සමගින් විශ්වවිද්යාල සිසුන්, පාසල් සිසුන්, සහජීවන සංගම් සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ මෙහෙයුම් කටයුතු දිස්ත්රික් හා ප්රාදේශීය ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලදි.

Posted in Uncategorized