ONUR පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සහ මහර බන්ධනාගාරයේ තරුණයින් සඳහා අධ්‍යාපනික වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ අධ්‍යාපන අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් වන අඹේපුස්ස පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන තරුණයන් සදහා හා මහර බන්ධනාගාරය තුල පුනරුත්ථාපනය වන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණයන් සදහා වන අධ්‍යාපන වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලෙස මෙම රැදවියන්ගේ දැණුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය සදහා වන වැඩාඅටහන සදහා මොඩියුල හයක් නිර්මාණය කර ඇත. ඒ සදහා සම්පත්දායක කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර ඔවුන් පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩමුළුවක් 2026 ජූලි මස 20 හා 21 යන දින දෙක තුල මොරටුව සර්වෝදය විශ්ව නිකේතන් ආයටුඅනයේදී ආරම්භ වන ලදි. ඒ සදහා ONUR ආයතනයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා, ප්‍රධාන සම්පත්දායක ආචාර්ය ඇලෙක්ස් පෙරේරා මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්පත්දායක ගීතා කරදවල මහත්මිය, ONUR ආයතනයේ සහකාර අධ්යක්ෂ සුසන්ත කුමාර මහතා, සංවර්ධන නිලධාරී තනූෂා හසන්ති මහත්මිය සහ සම්පත්දායකයින් කණ්ඩායම සහභාගී විය

- By slwebadmin



