සහ-සංවාද “විචාරශීලී සිහි නුවණින් සුවපත් සමාජයකට”

සහ-සංවාද – “විචාරශීලී සිහි නුවණින් සුවපත් සමාජයකට”
ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලයේ අධ්යාපන අංශය මගින් ක්රියාත්මක කරනු ලබන සහ සංවාද, මෙම වර්ෂයේදී දිස්ත්රික්ක 08ක් කේන්ද්රකර ගනිමින් පුහුණු සම්පත් දායකයින් මගින් පුහුණු කරනු ලබන ජාතික ඒකාබද්ධතා නිලධාරින් ගෙන් සහජීවන සංගම් සාමාජිකයින් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ප්රධාන මොඩියුල පහක් හරහා පවුලෝ ප්රේරිගේ “පිඩිතයාගේ අධ්යාපන විද්යාව” යන න්යායාත්මක පදනම ඔස්සේ ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
එහි හතරවන පියවර ලෙස ජාතික එකාබද්ධතා සම්බන්ධිකරණ නිලධාරින් පුහුණුකරුවන් ලෙස පුහුණුකිරීමේ දින දින පහක පුහුණුව 2026 මැයි මස 11 සිට 15 යන දින වලදී පැලවත්ත වැවිලි හා පර්යේෂණ පුහුණු ආයතනයේදී(NIPM) ආරම්භ විය. ඒ සදහා ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලයේ අධ්යාපන වැඩසටහන් අංශයේ සහකාර අධ්යක්ෂ සුසන්ත කුමාර මහත්මා, ප්රධාන සම්පත්දායක ආචාර්ය රවින්ද්ර රණසිංහ මහත්මා, ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලයේ නිලධාරින් හා සම්පත් දායකයින් කණ්ඩායම සහභාගී විය.
Posted in Uncategorized