සහ-සංවාද – “විචාරශීලී සිහි නුවණින් සුවපත් සමාජයකට”
ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලයේ අධ්යාපන අංශය මගින් ක්රියාත්මක කරනු ලබන සහ සංවාද, මෙම වර්ෂයේදී දිස්ත්රික්ක 08ක් කේන්ද්රකර ගනිමින් පුහුණු සම්පත් දායකයින් මගින් පුහුණු කරනු ලබන ජාතික ඒකාබද්ධතා නිලධාරින් ගෙන් සහජීවන සංගම් සාමාජිකයින් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ප්රධාන මොඩියුල පහක් හරහා පවුලෝ ප්රේරිගේ “පිඩිතයාගේ අධ්යාපන විද්යාව” යන න්යායාත්මක පදනම ඔස්සේ ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
එහි තුන්වන පියවර ලෙස පුහුණුකරුවන් පුහුණුකිරීමේ මොඩියුල හයක් හරහා සම්පත්දායකයින්ගේ දින දෙකක පුහුණුව 2026 මයි මස 4 සහ 05 යන දින වලදී පැලවත්ත වැවිලි හා පර්යේෂණ පුහුණු ආයතනයේදී(NIPM) ආරම්භ විය. ඒ සදහා ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්රනාන්දු මහතා, අධ්යක්ෂ ජනරාල් සදුනි ආරියවංශ මහත්මිය, ප්රධාන සම්පත්දායක ආචාර්ය රවින්ද්ර රණසිංහ මහත්මා, ජාතික සමගිය හා ප්රතිසංධානය සදහා වන කාර්යාලයේ නිලධාරින් හා සම්පත් දායකයින් කණ්ඩායම සහභාගී විය.




