බස්නාහිර පළාත නියෝජනය කරමින් දිස්ත්‍රික් සාහිත්‍ය සභා නියමු නේවාසික වැඩමුළුව ඇරඹෙයි

බස්නාහිර පළාත නියෝජනය කරමින් දිස්ත්‍රික් සාහිත්‍ය සභා නියමු නේවාසික වැඩමුළුව ඇරඹෙයි

දිස්ත්‍රික් සාහිත්‍ය පර්ෂද ව්‍යාපෘතියේ නියමු අධියර අද 2026.10.03 වැනි දින අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ දී ආරම්භ විය. මෙම නියමු අධියර සඳහා බස්නාහිර පලාත නියෝජනය කරමින් දීප ව්‍යාප්ත විවෘත්ත අයදුම්පත් කැඳවීමෙන් තෝරාගත් ගම්පහ, කොළඹ හා කලුතර දිස්ත්‍රික්කයන්හි ලේඛකයන් කණ්ඩායමක් සහභාගී වේ. තෙදින නේවාසික වැඩමුළුවක් ලෙස සංවිධානය කරන වැඩසටහන සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මෙන් ම ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඕෂධී හේරත් මහත්මිය, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මෙන් ම ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ස්වාමිනාදන් විමල් මහතා, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා මහතා සහ ප්‍රවීණ ලේඛිකා තරංගා රණසිංහ මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙනු ඇත. අද දින පැවති සමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සම්බන්ධ වූ අතර සාහිත්‍ය ප්‍රවේශයන් පිළිබඳ ඔහුගේ අදහස් දැක්වීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා අරමුණ පැහැදිලි කිරීම සහ මූලික ප්‍රවේශය ලබා දෙමින් දේශනයක් පවත්වන ලදි. වැඩසටහන කලා හා සංස්කෘතික විෂය භාර සහකාර අධ්‍යක්ෂ එච්.එස්. ලක්මාල් මහතා මෙහෙයවන ලදි.

Posted in Uncategorized