බස්නාහිර පළාතේ ‘විපරිවර්තනීය පන්තිකාමර’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන හා අධිකරණ අමාත්‍යාංශ එක්වෙයි

අධිකරණ අමාත්‍යංශයේ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යංශය එකතුව 2026 නොවැම්බර් මස 01 වන දිනයේ ආරම්භ කළ බස්නාහිර පළාතේ ගුරු අධ්‍යාපනඥයන් පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහන. මෙය විපරිවර්තනීය පංති කාමරයක් නිර්මාණය කරගැනීම ඉලක්ක කරගනී. නිර්ප්‍රචණ්ඩ පාසල් සංස්කෘතියක් ගොඩනැංවීම අද අත්‍යවශ්‍ය කාරණයකි. සංවාදශීලි සහ නිර්මාණශීලී ගුරුවරුන්ගේ උවමනාව අද ඇත. දේශනය සහ බලය දරාගත් ගුරුවරයාගේ සිට සහ-සංවාදී සහ සහ-ඉගෙනුම්කරුවෙකු වන ගුරුවරයා දක්වා විපරිවර්තනය අත්‍යවශ්‍ය ය. පංති කාමරයේ දරුවන්ට සතුටින්, ආත්ම තෘප්තියෙන්, විචාරශීලි චින්තනයෙන්, හා නිර්මාණශීලිව ඉගෙනගන්නා දරුවා රටේ අනාගත අභිවෘද්ධියට සම්පතකි.

Posted in Uncategorized

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*

ten − 2 =