මන්නාරමේ සුවපත්භාවය හා සහ – සංවාද ප්‍රවර්ධනය කිරීම | ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ (ONUR) සාමාජීය හා ආර්ථික වැඩසටහන

මන්නාරමේ සුවපත්භාවය හා සහ – සංවාද ප්රවර්ධනය කිරීම | ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ (ONUR) සාමාජීය හා ආර්ථික වැඩසටහන

ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලය (ONUR) විසින් මන්නාරම දිස්ත්රික්කයේ සහ – සංවාද (Co-Dialogue) වැඩසටහන ආරම්භ කරන ලද අතර, එය දින 3ක මනෝ-සාමාජීය සුවපත් කිරීමේ වැඩසටහනක පළමු දිනය සලකුණු කළේය.
දීර්ඝකාලීන විස්ථාපනය සහ යුදමය කැලඹීම්වලින් බලපෑමට ලක්වූ ජනතාව වෙත අත්යවශ්ය සාමාජීය සහයෝගය සහ මානසික සුවතාවය ළඟා කරදීම සඳහා නිර්මාණය කරන ලද මෙම වැඩසටහන සඳහා පහත සඳහන් ඉලක්කගත ප්රදේශ දෙකෙන් ප්රතිලාභීන් 100 දෙනෙකු එක්වූහ:
• පාලෛපෙරුමාල්කාඩු ගම්මානය (මන්තායි බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය) – ප්රතිලාභීන් 50 යි
• ⁠මරුතමඩු ගම්මානය (මුසලි ප්රාදේශීය ලේකම් කොට්ඨාසය) – ප්රතිලාභීන් 50 යි
මඟපෙන්වන ලද අන්තර්ක්රියාකාරී ක්රියාකාරකම්, ප්රකාශන කලා චිකිත්සාව (expressive art therapy), ශාරීරික සුවතා අභ්යාස සහ සමූහ සංවාද ඔස්සේ, ප්රතිලාභීන් තම අත්දැකීම් බෙදාගනිමින්, තමන් මුහුණ දුන් දීර්ඝකාලීන පීඩනයන් ප්රකාශ කරමින්, සාමූහික සුවපත්භාවය උදෙසා අර්ථවත් පියවර තැබූහ. මෙම දෙපිරිසේම සක්රීය හා විවෘත සහභාගීත්වය, ප්රතිසංධානය සහ මානසික සුවපත්භාවය සඳහා සුරක්ෂිත මෙන්ම සහයෝගාත්මක පරිසරයක් නිර්මාණය කිරීමට විශාල පිටුවහලක් විය.
සාමාජීය ඒකාබද්ධතාවය, මානසික ශක්තිය සහ තිරසාර සාමය තහවුරු කරමින්, බලපෑමට ලක්වූ ජනතාව සබල ගැන්වීම සඳහා ONUR ආයතනය නිරන්තරයෙන් කැපවී සිටියි.
Posted in Uncategorized