බන්ධනාගාරගත කාන්තා රැදවියන්ගේ අවුරුදු 05ට අඩු දරුවන්ගේ මුල් ලමාවිය සංවර්ධන වැඩසටහන
බන්ධනාගාර රැඳවියන්ගේ අවුරුදු පහට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ කළුතර දිස්ත්‍රික් වැඩසටහන අද දින කළුතර බන්ධනාගාරය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මූලික කරගෙන පැවැත්විණ.මෙහිදී කළුතර බන්ධනාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුවූ අතර මේ සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා,සහකාර අධ්යක්ෂ (අධ්‍යාපන හා ගැටුම් විපරිවර්තන) සුසන්ත කුමාර මහතා,බන්ධනාගාර නිලධාරීන්,ජාතික ඒකාබද්ධතා නිලධාරීන් දෙපළ,දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඇතුළු බේරුවල, කළුතර හා පානදුර මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සහභාගි වන ලදී.

- By slwebadmin



