ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් සිය අභිලාෂ ප්‍රකාශනයන් ලබා දීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයන්ට පසුගිය මාර්තු 10 වැනි දින දක්වා විවෘත ආරාධනයක් කර තිබූ අතර එසේ සිය අභිලාෂයන් ප්‍රකාශ කළ කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසගියදා 2026.03.20 කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්විණ. මෙහිදී මෙරට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය තහවුරු කිරීම් වෙනුවෙන් හඳුනාගනු ලැබූ ක්ෂේත්‍ර 11 ක් ඔස්සේ ව්‍යාපෘති සැලසුම් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් දැනුවත් කිරීම් සිදුකරන ලදී. එසේම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සමග කටයුතු කිරීම පිළිබඳව ද කරුණු පැහැදිලි කරන ලදී. ආසන්න වශයෙන් සමස්ථ දිවයින ආවරණය කරන ආයතන අසූවකට වැඩි සංඛ්‍යාවක් මෙරට ජාතික සමගිය තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රීයව දායක වීමට සිය කැමැත්ත පළ කර තිබූ බවත් සිහිපත් කළ යුතුය. ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සභාපති ආරම්භක දේශනය සිදුකිරීමෙන් අනතුරුව කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුචිත් අබේවික්‍රම මහතා තවදුරටත් කරුණු දක්වන ලදී. ඉන් පසුව අධ්‍යක්ෂ ජනරාල් තුමිය කාර්යාලය හා මෙම ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කිරීමෙන් අනතුරුව ප්‍රවීණ සම්පත්දයක නුවන් සුබසිංහ මහතා ව්‍යාපෘති සැලසුම්කරණය පිළිබඳ දේශනය සිදුකිරීමෙන් අනතුරුව, ගැටළු හා පිළිතුරු සැසියක් පැවැත්විණි. අවසන් වශයෙන් කණ්ඩායම්, නිලධාරීන් හඳුනා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් වැඩසටහන සමාප්ත කෙරුණේ අප්‍රේල් 06 වැනි දින හෝ ඊට පෙර ව්‍යාපෘති යෝජනා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය වෙත ඉදිරිත්කිරීමේ එකඟතාව ඇතිවය. මෙම වැඩසටහනට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ජාතික ඒකාබද්ධතා නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් සජීවී ව මෙන් ම මාර්ගගතව ද, කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී හා විෂය භාර නිලධාරීන් ද සම්බන්ධ විය.






















