ONUR වෙත සාදරයෙන් පිළිගනිමු
ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) යනු විවිධත්වය සමරන අතරම ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. සියලු ජන කොටස්වල මූලික අයිතිවාසිකම්, නිදහස සහ සමානාත්මතාවයට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු. අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද 2015 මාර්තු 25 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට ප්‍රතිචාර වශයෙන් නිකුත් කරන ලද 2015 අප්‍රේල් 8 දිනැති කැබිනට් තීරණය මගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අධිකාරිය යටතේ ONUR පිහිටුවන ලදී. 2015 දෙසැම්බර් 18 දිනැති අංක 1945/41 ගැසට් පත්‍රයට අනුව ජාතික සංහිඳියාවට අදාළ කටයුතු ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේ ඇති ONUR වෙත පවරා ඇත. 2020 අගෝස්තු 9 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, ONUR අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කරන ලදී.
ONUR-කාර්ය මණ්ඩල විස්තර
ඩී.එම්.එස්.එන්. ආරියවංශ මිය
ජේ.පී.එන්.සී. ජයකොඩි මයා
එම්.ඒ.එම්.එල්.මුණසිංහ මහතා
එච්.එස්. ලක්මාල් මයා
ටී.ජී.එස්.කේ කුමාර මයා
ඩී.ඒ.ඩී. මිතිනි නවින්ද්‍යා දිසානායක මිය