“ත්‍රිභාෂා සහ ඊ-පුස්තකාල පහසුකම් සපයන අතර, යෞවන පුස්තකාල සමාජයන් ස්ථාපිත කිරීම.”
“ත්‍රිභාෂා සහ ඊ-පුස්තකාල පහසුකම් සපයන අතර, යෞවන පුස්තකාල සමාජයන් ස්ථාපිත කිරීම.
පුස්තකාලය යනු ශ්‍රී ලංකාවේ ‘සමාජීය, දේශපාලන සහ ව්‍යුහමය වෙනස්කම් සිදුකරන කාරකයක්’ වේ.පුස්තකාලයන් ප්‍රජා සංවර්ධනය, සවිබලකරණය සඳහා වැදගත් බලවේගයක් ලෙස ක්‍රියා කරනු ලබන අතර, ප්‍රජාවේ සමාජීය යහපැවැත්මටද ආර්ථික හා සමාජීය සංවර්ධනයට ද මහත් දායකත්වයක් දක්වනු ලැබේ
ප්‍රජාවන් අතර සම්බන්දතාව දියුණු කිරීම සඳහා පාලකම් ලෙස පුස්තකාලය දියුණු කල හැකිය.ත්‍රීභාෂා වලින් යුත් පොත් වලින් සමන්විත ඊ-පුස්තකාල විවිද සංස්කෘති ගැන ඇති දුැනුම සහ අවබෝධය වර්ධනයට ඉවහල් වනු ඇත.
අන්අයගේ විවිධ චාරිත්‍ර සහ විධික්‍රම ගැන ගැඹුරු අවබෝධයක් ලැබීමට ලැබීමට ඉන් පපිටුවහලක් ලැබෙනු ඇත.පොත් කියවන්නන් ගේ එකමුතුවන් (reader’s forums) හරහාද රට පුරා සිටින තරුණ ප්‍රජාව අතර අන්තර් සම්බන්දය වැඩි දියුණු වනු ඇත.
මෙම වැඩසටහන පුස්තකාල සේවා කොමිෂන් මණ්ඩලය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරේ. දිස්ත්‍රික්කය සහ ව්‍යාපෘති ස්ථාන, ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සදහා වන කාර්යාලය (ONUR) විසින් පුස්තකාල සේවා කොමිෂන් මණ්ඩලය (LSC) හි මග පෙන්වීම මත හඳුනා ගන්නා ලදී.
යෝජිත වැඩසටහන
- විවිධ ජාතීන් වෙසෙන ග්‍රාම නිලධාරි වසම්වල (විවිධ ජාතීන් වෙසෙන ග්‍රාම නිලධාරි වසම්, ජනගහනයේ දත්ත විශ්ලේෂණය ඔස්සේ හඳුනාගෙන ඇත) මූලික පහසුකම් සහිත පුස්තකාලයක් හඳුනා ගැනීම.”
- සෑම ග්‍රාම නිලධාරි වසමකදීම පුස්තකාලය නඩත්තු කිරීමට සහ යෞවන සාමාජිකයන්ගෙන් සමන්විත පාඨක මණ්ඩලයක් සංවර්ධනය කිරීමට කැමති ප්‍රජා නායකත්ව කණ්ඩායමක් හඳුනා ගැනීම.
- පුස්තකාල සේවා කොමිෂන් මණ්ඩලය විසින් සනාථ කරන ලද තත්වයන්ට අදාළව පුස්තකාලයේ තත්ත්වය වර්ධනය කිරීම සඳහා පොත්, උපකරණ සහ අන්තර්ජාල පහසුකම් සැපයීම.
- මෙම පුස්තකාලයන් ප්‍රජා හමුවීම් හා අදහස් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට ප්‍රවර්ධනය කිරීම.
- විවිධ ක්‍රියාකාරකම් හරහා උතුරු සහ දකුණු යෞවන කමිටු අතර සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීම.
- දැනට පවතින යෞවන කවුන්සිලය/සහජීවන කමිටු මෙම වැඩසටහන් සමඟ සම්බන්ද කෙරෙනු ඇත..