සංස්කෘතික හුවමාරු වැඩසටහන්

සංස්කෘතික හුවමාරු වැඩසටහන් 

 

ජාතික සමගිය හා සහජීවනය වර්ධනය කිරීම සඳහා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම. රට තුළ විවිධ ප්‍රජාවන් අතර අන්තර්අවබෝධය සහ ගෞරවය ඉහල නැංවීමට පිවුවහල් වන ක්‍රියාවලියක් ලෙස සැලකිය හැක. ඔබ දන්නා පරිදි, ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය (ONUR) බිමි මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සහජීවන සමාජ ස්ථාපිත කර ඇත. ඉහත සඳහන් සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සහජීවන සමාජයන් යොදාගැනීම අත්‍යවශ්‍ය වූ ක්‍රියාවලියක් බව අප විශ්වාස කරන්නෙමු.

“Clean Sri Lanka” ව්‍යාපෘතිය සමග අනුගතව, ජාතික සමගිය සහ ප්‍රතිංවිධානය සඳහා වන (ONUR) කාර්යාලය මෙම ව්‍යාපෘතිය “අපි ලංකිකයෝ” වැඩසටහනේ අංගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ඒමගින්  “අපි ලංකිකයෝ” වැඩසටහන රට පුරා ප්‍රචලිත වනු ඇති අතර, ONUR ආයතනය සහජීවනය සහ සාමය කරා සමාජය වඩවඩාත් යොමු කිරීමට බලාපොරොත්තු වේ.

මෙම වැඩසටහන විසින් සහජීවන සමාජ සාමාජිකයන් ඉලක්ක කිරීම තුලින්, මෙම ප්‍රජාවන් සෑම විටම සජීවීව සහ ක්‍රියාකාරීව පවත්වාගෙන යාම සහතික කරනු ඇත.එනම් සහජීවන සමාජ සාමාජිකයන්ට ලබාදෙන ප්‍රයෝජන සහ දැනුවත් කිරීම් හරහා බිම්මට්ටමේ තිරසාර සහභාගීත්වයක් ලැබෙනු ඇත. තවද ONUR ආයතනය හා සම්බන්ද වෙනත් ක්‍රියාකාරකම් වන පූර්ව අනතුරු  ඇඟවීම් හා ප්‍රතිචාර පද්ධති නඩත්තු කිරීමට මෙමගින් උපකාරී වනු ඇත.