ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ නිල වෙබ් අඩවිය එලිදැක්වීම සහ පූර්ව අනතුරු ඇගවීමේ සහ දැනුම්දීමේ පද්ධතිය එලි දැක්වීම – 2026 පෙබරවාරි 13

ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ නිල වෙබ් අඩවිය එලිදැක්වීම සහ පූර්ව අනතුරු ඇගවීමේ සහ දැනුම්දීමේ පද්ධතිය එලි දැක්වීම – 2026 පෙබරවාරි 13

ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් නව අතුරු මුහුණතක් සහිතව නැවත දියත්කිරීම සහ ඊට සම්බන්ධ වන උප වෙබ් අඩවිය දියත් කිරීමද, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ හා දැනුම්දීමේ පද්ධතිය හඳුන්වාදීම ද අද (2026.02.13) වැනි දින අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන්, ඩිජිටල් ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන්ද, විධායක ශ්රේණියේ රාජ්ය නිලධාරීන් සහ දිස්ත්රික් ප්රාදේශීය මට්ටමේ ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ගේ ද, මාර්ගගතක්රමය ඔස්සේ දිවයින පුරා විසිරී සිටින ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ගේ ද, සහජීවන සංගම් සාමාජිකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ ශ්රී ලංකා සංවර්ධන පරිපාල ආයතනයේ (SLIDA) දී පැවැත්විණි. මෙම වැඩසටහනේ පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්රනාන්දු මහතා සිදුකරන ලද අතර ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ නිලධාරීන් විසින් පූර්ව අනතුරු ඇගවීමේ හා දැනුම්දීමේ පද්ධතියේ ක්රියාකාරීත්වය පැහැදිලි කරන ලදි. ඉන් පසුව ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ නව වෙබ් අඩවිය එලිදැක්වූ අතර ඒ පිළිබඳ දැනුවත් කිරීම ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සඳුනි ආරියවංශ මහත්මිය විසින් සිදුකරන ලදි. ඉන් අනතුරුව ඩිජිටල් ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා අදහස් දැක්වූ අතර අවසන් වශයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සිය අදහස් හා සුබපැතුම් එක් කරන ලදි. ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ සහකාර අධ්යක්ෂ එච්.එස්. ලක්මාල් මහතා පැමිණ සිටි පිරිසට ස්තූති කිරීමෙන් අනතුරුව වැඩසටහ නිමාවිය.
ශ්රී ලංකාවේ තිරසාර සාම ව්යායාමය ඩිජිටල් යුගයක් කරා ගෙන යාමත් තිරසාර සාමය තහවුරු කිරීම සඳහාත් මෙය යෝධ පියවරක් වනු ඇති බව මෙම අවස්ථාවට සහභාගී වූ සියලුදෙනාගේ ම අදහස විය.

Posted in Uncategorized

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*

seventeen + fifteen =