බහු භාෂා නාට්‍ය වැඩසටහන යකා වැවට නන්දිකඩාල් – සුපවත් සමාජයක රංගාවේෂය

බහු භාෂා නාට්‍ය වැඩසටහන යකා වැවට නන්දිකඩාල් – සුපවත් සමාජයක රංගාවේෂය

මෙම නාට්‍ය වැඩසටහනේ මූලික වශයෙන් කැබිතිගොල්ලෑව හා මුල්ලිවයික්කාල් ආශ්‍රිතව පසුගිය යුධමය වකවානුවේ පැවති තත්ත්වයන් ආමන්ත්‍රණය කරමින් ඒ ඔස්සේ සුවපත් වීමට නව ප්‍රවේශයක් විවර කිරීමට හැකි වන අයුරින් සැළසුම් කර ඇත. නාට්‍යය සඳහා එක් වන කණ්ඩායම් උක්ත ප්‍රදේශයන් වල එකී වකවානුව තුළ ප්‍රායෝගික අද්දැකීම් ලද කණ්ඩායම් හෝ එම අද්දැකීම් ලද අයවලුන්, ඥාතීන් හෝ දරුවන් වේ. ඒ අනුව මෙය සාමාන්‍ය ආකෘතියේ නාට්‍ය ශිල්පීන් යොදා ගනිමින් සිදු කරනු ලබන නාට්‍ය නිර්මාණයක් නොවන අතර සුවිශේෂී කණ්ඩායම් යොදා ගනිමින් සමාජ යථාර්තය ඔස්සේ ජාතික සමගිය මෙන්ම සුවපත් සමාජයක් ගොඩනැගීමේ අරමුණෙන් බිහි වන සුවිශේෂී නාට්‍යයකි.

මෙම නාට්‍යය නිර්මාණය කිරීම සඳහා පුහුණු වැඩමුළු 11 ක් කැබිතිගොල්ලෑව, කොළඹ, කලාවැව හා කිලිනොච්චි යන ප්‍රදේශයන්හි දී පවත්වා ඇත. කලා හා සංස්කෘතික හා මාධ්‍ය මහජන සම්බන්ධතා අංශයේ වැඩසටහන් සඳහා සම්පත්දායකයින් තොරා පත් කර ගැනීම ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය විසින් පත් කරන ලද තාක්ෂණික කමිටුවක් විසින් අනුමත කරන ලද සම්පත් දායකයින් විසින් පුහුණු වැඩමුළු සඳහා සම්පත් දායකත්වය ලබා දී ඇත.

මෙසේ නිර්මාණිත වේදිකා නාට්‍ය සාමාන්‍ය ආකෘතියේ නාට්‍යයක් නොවන අතර ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමට මෙවලමක් ලෙසත් ඒ සඳහා වන කථිකාවන් ගොඩනැගීමට ප්‍රවේශයක් ලෙසත් යොදාගැනීමට හැකිවනු ඇත. සුවපත් සමාජයක් ගොඩනැගීමේ ජාතික ව්‍යායාමයට මෙම නාට්‍ය වෙසෙසින් ම දායක වනු ඇති බව කාර්යාලයේ අපේක්ෂාවයි.

එකී නාට්‍යය පුහුණුව ලත් රංගන ශිල්පීන් යොදා ගනිමින් නිර්මාණය වන ‘යකා වැවට නන්දිකඩාල්‘ වේදිකා නාට්‍යය 2026 ජනවාරි 23 වැනි දින දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් මැති ඇමතිවරු, විදෙස් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් වේදිකාගත කෙරිණි. මෙම අවස්ථාවට විවිධ ජාතීන් ආගම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහ නාට්‍ය රංගකලාව, සාමය හා සංහිඳියා ක්‍රියාකාරීන් ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී විය.

Posted in Uncategorized