ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඩී. එම්. එස්. එන්. ආරියවංශ මහත්මිය අධ්‍යක්ෂ ජෙනරාල් (රාජකාරී ආවරණ) තනතුරෙහි වැඩ බාර ගැනීම
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් කේ. මහේසන් මහතා සැප්තැම්බර් 30 වන දින විශ්‍රාම යන ලදී. 2025 ඔක්තෝබර් 01 වන දින සිට අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඩී. එම්. එස්. එන්. ආරියවංශ මහත්මියට අධ්‍යක්ෂ ජෙනරාල් (රාජකාරී ආවරණ) තනතුරෙහි කාර්‍යයන් ආවරණය කිරීම සඳහා පාලක මණඩලය අනුමැතිය ලබා දෙන ලද අතර, සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා අතින් එතුමියගේ වැඩ භාර ගැනීම අද දින (01) සිදු කෙරිණි.

- By slwebadmin



