ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ මෙහෙයවීමෙන් දකුණු මධ්යම පළාත් යාකරමින් සිදුකෙරෙන සංස්කෘතික හුවමාරු වැඩසටහනේ දෙවන අධියර වන නුවරඑලිය මාතර වැඩසටහන පසුගිය 14 වැනි දින සිට 17 වැනිදා දක්වා මාතර දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් පැවැත්විණ. මෙම වැඩසටහන අගෝස්තු 14 වැනි දින මාතර දිස්ත්රික් ලේකම් හා නුවරඑලිය අතිරේක දිස්ත්රික් ලේකම්, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති නියෝජනය කරමින් නියෝජ්ය අධ්යක්ෂ සඳුනි ආරියවංශ මහත්මියගේ ප්රධානත්වයෙන් දෙපාර්ශවයේම රාජ්ය නිලධාරීන් හා ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ප්රධාන ශ්රවණාගාරයේ දී ආරම්භ විය. අඛණ්ඩ දින 04 ක් පුරා පැවති මෙම වැඩසටහනේ දෙවන දින ප්රධාන වැඩමුළුව ප්රවීණ සම්පත්දායක නුවන් සුභසිංහ මහතා මෙහෙයවන ලදි. එදින පස්වරුවේ පැමිණි කණ්ඩායම මාතර කණ්ඩායමේ නිවෙස් වලට ගොස් ඔවුන් සමග තම ලෙන්ගතු සහෝදරත්වය බෙදා ගැනීම තුළ ඔවුන්ගේ ගෞරවනීය හා විශ්වාසනීය හැඟිම් තවදුරටත් තහවුරු වූයේ ආගන්තුකයින් ට ජාති ආගම් ආදී කිසිඳු බේදයකින් තොරව ලැබී තිබූ ආගන්තුක සත්කාර නිසාවෙන් ම පමණක් නොව, ඔවුන්ගේ ලෙන්ගතු ආදරණීය පිළිගැනීම සමගිනි. තෙවන සංවිධානය කර තිබූ සංස්කෘතික ප්රසංගය තුළ මධ්යම පළාතට ආවේණික විචිත්රවත් නර්තන, ගායන, වාදන අංග රාශියින් හැඩ වූ අතර දකුණු පළාතේ සංස්කෘතිකාංග ද එක්කර තිබීම සුවිශේෂ විය. එදින රාත්රියේ සංවිධානය වූ පැදුරු සාජ්ජය එකිනෙකාගේ විශ්වාසය තවදුරටත් පුළුල් කිරීමට මනා තෝතැන්නක් විය. අවසන් දින දකුණුලක සුවිශේෂ ස්ථාන කිහිපයක සංචාරයක් ද සංවිධානය වී තිබිණ.
සුවපත් සමාජයක් හා ශ්රී ලාංකික අන්යතාවය තහවුරු කරමින්, අන්යෝන්යය අවබෝධය විශ්වාසය ගොඩනැගීම අරමුණු කරගනිමින් වැඩසටහනේ සියලුම ක්රියාකාරකම් සංවිධානය කරනු ලැබූ අතර වැඩසටහනේ අවසන් දිනය වන අද දින නුවර එළියෙන් පැමිණි 50කට ආසන්න පිරිසකට දකුණු ජනතාව සමුදුන්නේ නැවතත් හමුවීමේ අපේක්ෂාව පෙරදැඩිවයි.
මෙම වැඩසටහනට දකුණු මධ්යම පළාත් නියෝජනය කරමින් හා 100 කට අධික පිරිසක් සක්රීයව දායක විය. වැඩසටහන සම්බන්ධීකරණය මාතර දිස්ත්රික්කය නියෝජනය කරමින් සුදර්ශන ජේ. විදානපතිරණ හා නුවරඑළිය දිස්ත්රික්කය නියෝජනය කරමින් ලහිරු (දිස්ත්රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරී) මහතා සිදුකරන ලදි. දකුණු පළාත නියෝජනය කරමින් රාජ්ය නිලධාරීන්, සහජීවන සංගම් සාමාජිකයින් හා මාතර තල්පාවිල ආශ්රිත ගම්මානයේ බොහෝ පිරිසක් සිය මිත්රත්වයේ ආදරණීය හස්තය දිගු කරමින් ස්වෙච්ඡාවෙන් සිය සහයෝගය ලබා දෙන ලදී.
අපි ශ්රි ලාංකිකයින් ලෙස අන්යෝන්ය අවබෝධයෙන් හා ගරුත්වයෙන් යුතු සුවපත් සමාජය ගොඩනැගීම වෙනුවෙන් ද, ප්රාදේශීය හා ජාතික වෂයෙන් බිම් මට්ටමේ පවතින පොදු සංස්කෘතික, සමාජ, ආර්ථික ආදී ගැටළු හඳුනාගැනීම හා ඊට විසඳුම් ලබා දීම ද මෙම වැඩසටහනේ තවත් එක් අරමුණක් ලෙස හඳුනාගත හැකිය.