සුවපත් සමාජයක් උදෙසා දහම් චින්තා කථිකාව දෙවන අධියරේ වැඩසටහන අද (2025.06.02) දින ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ මෙහෙයවීමෙන් ජාතික ඒකාබද්ධතා අංශයේ ශ්රවණාගාරයේ දී අති සාර්ථක ලෙස පැවැත්විණ. මෙම අවස්ථාවට වැඩමවා වදාළ බෞද්ධ භික්ෂූන් වහන්සේ ප්රමුඛ කණ්ඩායම සුවපත් සමාජයක් ගොඩනැඟීමේ ඉදිරි පියවරයන් පිළිබදව ගැඹුරු සාකච්ඡාවක නිරත වූ අතර පිරිවෙන් අධ්යාපනය තුළට ධර්ම චින්තා කතිකාව රැගෙන යා යුත්තේ කෙසේද, සුවපත් සමාජයක් ගොඩනැගීම සඳහා ලබා ගත යුතු බෞද්ධාගමික ප්රවේශයන් මොනවද, මාධ්ය සහ තාරුණ්යය මෙම ප්රවේශයන්ට සක්රීයව දායක කරගත යුතු ආකාරය කුමක්ද යන්න පිළිබඳ ව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැණින. පූජ්ය අඟුණච්චියේ කුමාර කස්සප හිමි, බෙරගම වීමලදස්සි හිමි, දීකඩූවේ සෝමානන්ද හිමි, ගල්කන්දේ ධම්මානන්ද හිමි, ලුණුගම්වෙහෙරේ විනීත හිමි, මිගහජන්දුරේ සීලානන්ද හිමි, රාජාංගනයේ පියදස්සි හිමි, බුරුමයේ නිපොන් චක්මා හිමි යන හිමිවරුන් සිය ස්වේච්ඡා සම්පත් දායකත්වය ලබා දුන් අතර, යාපනය නාග විහාරාධිපති පූජ්ය මිගහජඳුරේ සිරිවීම හිමි මාර්ගගත ක්රමයට සම්බන්ධ විය. ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති ජ්යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්රනාන්දු මහතා වැඩසටහන මෙහෙයවූ අතර, පාලක මණඩල සාමාජික පූජ්ය ඔමාරේ පුණ්යසිරි හිමි සහ පාලක මණ්ඩල සාමාජික සුචිත් මහතා, අධ්යක්ෂ ජනරාල් (ආවරණ) සඳුනි ආරිවංශ මහත්මිය, කලා හා සස්කෘතික හා මාධ්ය, මහජන සම්බන්ධතා සහකාර අධ්යක්ෂ එච්.එස්. ලක්මාල් මහතා, සමාජ ආර්ථික සවිබලගැන්වීම් මනෝජ් මුණසිංහ මහතා, පාලක මණ්ඩල ලේකම් මිතීනි දිසානායක මෙනවිය කාර්යාලය නියෝජනය කරමින් සහභාගී විය.