ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය එළඹෙන වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද “සුවපත් සමාජයක් උදෙසා ධර්ම චින්තා කතිකාව” වැඩසටහන අද දින කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ. මෙම කාර්යාලය නිර්මාණය කල අපි ශ්‍රී ලාංකිකයෝ (we sri lankans) වැඩසටහනේ සුවපත් සමාජයක් වෙනුවෙන් කතිකාවන් ගොඩනැගීම හා ඒ ඔස්සේ තිරසාර සාමය තහවුරු කිරීමට පියවර ගැනීමේ තවත් එක් ආරම්භයක් මෙසේ සනිටුහන් කරනු ලැබූ අතර, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ කලා හා සංස්කතික සහ මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ එච්. එස්. ලක්මාල් මහතා පැමිණි පිරිස පිළිගැනීමෙන් පසුව, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් මහතා වැඩසටහනේ අරමුණ බුදුදහමේ විමුක්තිදායක හරය ඔස්සේ පැහැදිලි කරන ලදී. පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි ප්‍රධාන කතිකාව ගොඩනැගූ අතර, ONUR පාලක මණ්ඩල සාමාජික පූජ්‍ය ඕමාරේ පුණ්‍යරතන හිමි, සරත් ඉද්දමල්ගොඩ පියතුමා සෙසු දේශනයන් සිදුකරන ලදි. එසේම මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙමින් යාපනය නාග විහාරාධිපති පූජ්‍ය මිගහ ජන්දුරේ සිරිවිමල හිමි දෙමළ භාෂාවෙන් අනුශාසනයක් සිදුකරන ලදි. තවද ගරුතර පූජ්‍ය සහ පූජක පක්ෂයේ පිරිසක් මෙම අවස්ථාවට සිය සක්‍රීය දායකත්වය ලබා දුන් අතර අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුණිර් මුලෆ්ර් මහතා සිය ආදහස ඉදිරිපත් කරමින් රාජ්‍යකරණයේ දී සුවපත් මනසක් ඇතිකරගැනිමේ වැදගත් කම තුළින් යහපත් සමාජයක් ඇතිකර ගැනීමට ප්‍රවේශයක් ලබා ගත හැකි අයුරු පැහැදිලි කරන ලදී. ගීතමය ශික්ෂණය තුළින් සංහිඳියාවට සාමයට ඒකාත්මික වෙමින් නිවහල් නිදහස් සාමකාමී දේශයක් ගොඩනැගීම සියලුදෙනා සිත්හි දරාගනිමින් වෑඩසටහනේ වින්දනීය අවසානයක් සනිටුහන් කරන ලදී. මාර්ගගත ක්‍රමය ඔස්සේ සජීව ලෙස වැඩසටහන විසුරුවා හැරීමට කටයුතු සංවිධානය කර තිබීම ද විශේෂත්වයකි. මෙම වැඩසටහනට අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් මෙන්ම ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කේ. මහේසන් මහතා, අධ්‍යක්ෂ ශානිකා වීරසූරිය මහත්මිය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරුන්, හානි පූර්ණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂවරුන්, විගණන අංශයේ අධ්‍යක්ෂවරුන්, අධිකරණ නොවන නිලධාරීන් පුහුණු කිරීමේ අංශයේ නියෝජිතයින් සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.