දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට නෑකම් කියන මෙම සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම බෞද්ධ හා හින්දු භක්තික ප්‍රජාව සමග එක්ව සියලුම ලක් වැසියන් සමරන උත්සවයකි. මෙම උත්සවයට තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමග සමීප සබඳතාවක් දක්වන අතර දේශීය සංස්කෘතික ලක්ෂණ ජාත්‍යන්තරයට රැගෙන යන්නකි.
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මෙම වර්ෂයේ සිට Clean Sri Lanka රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන We Sri Lankans වැඩසටහන මේ වන විටත් දියත් කර ඇත. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ සහජීවන සංගම් හරහා ගොඩ නැගෙන සිවිල් යාන්ත්‍රණය ඔස්සේ සෑම සංස්කෘතිකයට ම ආවේණික වූ අනන්‍යතාවයන් ජාතික අනන්‍යතාවයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. එපමණක් ද නොව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ සිට නාට්‍යකරණය, ඡායාරූපකරණය හා මාධ්‍ය වැනි භාවිතාවන් ඔස්සේ විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් හා ඒ තුළ බැඳුනු සහජීවන, සාමකාමී සංකල්ප ප්‍රවර්ධනය කිරීමටත්, සුවපත් වීමේ කථිකාවන් ගොඩ නැගීම තුළින් ජාතික සමගිය තහවුරු කිරීමටත් ක්‍රියාත්මක වේ. තවද අන්‍යෝන්‍ය සංස්කෘතික ගරුත්වය, විවිධත්වය අගයන සුපවත් සමාජයක් ගොඩනැගීමේ ජාතික වගකීම වෙනුවෙන් අධ්‍යාපන, සංවර්ධන, පර්යේෂණ, ගැටුම් විපරිවර්ථන ආදී විවිධ අංශ ඔස්සේ සිය මෙහෙවර අඛණ්ඩව නොපිරිහෙලා ඉටු කිරීමේ වගකීම ඉටුකිරීමට කැපවී කටයුතු කරනු ඇත. ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය ලෙස ශ්‍රී ලාංකිකයන්ට ලබා දිය හැකි හොඳම අවුරුදු තිළිණය සුවපත් සාමකාමී සමාජයක් බව අපි තරයේ විශ්වාස කරමු.
සියලු ජනවර්ග ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එකට එක්ව බෙදුනු බිඳුනු සිත් සුවපත් කිරීමටත්, ඒ තුළින් තිරසාර සාමයක් උදා කර ගැනීමටත් අවශ්‍යවන්නාවූ ප්‍රවේශයක් ලබා ගැනීමට අලුත් අවුරුදු උදාව මග කියනු ඇත. පොහොසත් රටක්, ලස්සන අනාගතයක් උදා කිරීම සඳහා දැවැන්ත වැඩ පිළිවෙලක් වර්තමානයේ රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින්නාවූ මොහොතක, එම වැඩපිළිවෙලට අවශ්‍ය නොමද සහයෝගය ශක්තිය ලබා දිය හැකිවන්නාවූද, පොදු මහජනතාව ප්‍රාර්ථනා කරන පොහොසත් රටක සිහිනය තවදුරටත් සිහිනයක් නොවන සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.
සභාපති, පාලක මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය.