ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ අභිනව පාලක මණ්ඩලයේ මංගල රැස්වීම

 

 

ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ අභිනව පාලක මණ්ඩලයේ මංගල රැස්වීම සභාපති ජ්යේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් 2025.03.24 වැනි දින පෙ.ව. 10.00 සිට ප.ව. 3.30 දක්වා පැවැත්විණි. මෙහි දී නම්යීකරණ වැඩසටහනක් පළමුව සංවිධානය කර තිබූ අතර දෙවන අදියර ලෙස පාලක මණ්ඩල රැස්වීම පැවැත්විණි. ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා විය.