ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ 01/2024 දරණ පනත ප්‍රකාරව නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කිරීම.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ 01/2024 දරණ පනත ප්‍රකාරව නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ගරු අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.03.14 දින අධිකරණ අමාත්‍යාංශයේ දී සිදුවිය.

එහිදී පහත නම් සඳහන්
1. පූජ්‍ය ඕමාරේ පුන්නසිරි හිමි
2. ⁠ග්‍රේෂන් ගාබ්‍රියෙල් ඇන්ටෝනිටෝ අරුල්‍ රාජ් පියතුමා
3. ⁠විනෙතෘ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න
4. ⁠මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ඩී. ෂර්ලි ලාල් ග්‍රෙගරි විජේසිංහ
5. ⁠මහාචාර්ය ෆරීනා රුසායික්
6. ⁠ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර
7. ⁠සුචිත් අබේවික්‍රම මහතා
8. ⁠හශීම් ශාලි මහතා
යන සාමාජිකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීම සිදු කල අතර මෙම අවස්ථාවට ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.