යාපනයේ ආර්ථීක සමාජීය පීඩනයට පත් පොදු ජනතාවගේ ගැටළු හඳුනා ගැනීම සහ සුදුසු විසඳුම් ලබාදීම මෙන්ම ඒ ඔස්සේ ජාතික සමගිය කෙරෙහි පොදු ප්‍රවේශයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පොදු මහජනතාව, ජාතික ඒකාබද්ධතා නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සමග අද (2025.02.13) දිස්ත්‍රික් ලේකම් වරයාගේ නිල ශ්‍රවණාගාරයෙහි දී අති සාර්ථකව පැවැත්විණි. මෙයට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ද දිස්ත්රික් ලේකම් ඇතුළු නිලධාරීන් ද, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම ජාතික ඒකාබද්ධතා නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය. එසේම මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් මහතා ද සම්බන්ධ විය.