යාපනය දිස්ත්‍රික් ව්‍යාපාරික ආයෝජක ප්‍රජාව මුහුණපාන ගැටළු හඳුනා ගැනීම සඳහා පැවති රැස්වීම

 

යාපනය දිස්ත්‍රික් ව්‍යාපාරික ආයෝජක ප්‍රජාව මුහුණපාන ගැටළු හඳුනා ගැනීම සඳහා 2025.01. 17 වැනි දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී ගත් තීරණ යථාර්ථයක් කරමින් අදාළ ගැටළු විසඳීමට රජයේ අදාළ ආයතන සහභාගීත්වයෙන් අද (2025.02.13) දින ආයෝජක සමුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අති සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සමුළුවට දිස්ත්‍රික් ලේකම්වරයා සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපතිතුමාගේ මෙහෙයවීමෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රජිවන් මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් මහතා ද සම්බන්ධ විය.