ජාතික තෛපොංගල් උත්සවය


මෙම වර්ෂයේ ජාතික තෛපොංගල් උත්සවය අති උත්කර්ශවත් අන්දමින් 2025.01.18 වැනි දින යාපනය තෙලිප්පලෙයි ශ්‍රී දුර්ගා දේවි කෝවිල් පරිශ්‍රෙය්දී පැවැත්විණි. මෙම වැඩසටහනට අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ අමාත්‍යාංශ නියෝජනය කරමින් මැති ඇමතිවරුන් විශාල පිරිසක් මෙන්ම ඉන්දියානු මහකොමසාරිස්වරයා, යාපනය දිසාපතිතුමා, ආණ්ඩුකාරවරයා, මෙම ආයතනයේ සභාපතිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහන සියලුම ජාතීන්ගේ අනන්‍යතාවයන් නියෝජනය වන අයුරින්ද විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍රවත්ව ද පැවති අතර ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයට අනුබද්ධ සහජීවන සංගම් සාමාජිකයින් 150 දෙනෙකු පමණ සහභාගී විය.