ජාතික තෛපෝංගල් උත්සවයට දකුණේ සිට දුම්රියෙන් උතුරට පැමිණි ප්‍රවීණ කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන නියෝජිතයන් ඇතුළු කණ්ඩායම පිළිගැනීමේ වැඩසටහන යාපනය දුම්රිය ස්ථානයේ දී 2025.01.17 වැනි දින මධ්‍යහනයේ දී පැවැත්විණි. ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කරන ලද අතර තල් සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දපාර්තමේන්තුව ද වැඩසටහනට සහයෝගය ලබා දෙන ලදී.