ජාතික සමගිය හා ප්රතිසංවිධානය සඳහා වන කාර්යාලය සහ බදුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද බහු සංස්කෘතික කලා උළෙල බදුල්ල ප්රාදේශීය ලේකම් තුෂාරී අනුරාධා නානායක්කාර මහත්මියගේ ප්රධානත්වයෙන් 2024.10.29 බදුල්ල සයිමන් පීරිස් ශ්රවණාගාරයේ දී පවත්වන ලදී.
බදුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය බහු සංස්කෘතික කොට්ඨාසයක් බැවින්, විවිධ වූ සංස්කෘතීන් පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. ඒ අනුව පාසල් හා ළමා නිවාස නියෝජනය කරමින් දරු දැරියන් විවිධ වූ සංස්කෘතික අංගයන් මෙහිදී ඉදිරිපත් කරන ලද අතර,
සමාජ සංහිඳියාව හා සහයෝගය දියුණු කිරීමට තරුණ පිරිසගේ හඬ අවදි කිරීම වෙනුවෙන් මෙන් ම ප්රභාෂණ සිසුවාගේ පුහුණු වැඩසටහන මඟින් සහ වැඩසටහන භාෂා ත්රිත්වයෙන් ෆාතිමා රම්ලා සිසුවිය නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමෙන් මෙම වැඩසටහන වඩාත් පෝෂණය විය.
සංස්කෘතික විවිධත්වය පිළිබඳ ව හොඳ අවබෝධයක් මෙම වැඩසටහනින් ලැබුණු අතර, සහභාගි වු දරු දැරියන් සඳහා සහතික පත්ර හා තිළිණ ප්රදානයක් ද මෙහි දී සිදු විය. 🌸 මෙම වැඩසටහන සඳහා
ප්රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා නානායක්කාර මහත්මිය ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් , දිස්ත්රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නදිරා එදිරිසිංහ මහත්මිය සහ විදුහල්පතිවරුන් සහභාගි විය.
සංවිධානය ,
M.Z.F.ෂියානා
ජාතික ඒකාබද්ධ නිලධාරි
ප්රාදේශිය ලේකමි කාර්යාලය ,බදුල්ල