ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ ජාතික සංහිඳියා ප්‍රතිප්තිය සහ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීම සඳහා වන උපදේශන ක්‍රියාවලිය.


අංක 2024/01 දරණ පාර්ලිමේන්තු පණතින් මෙම කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් වීමත් සමග ඊට ආනුශංගිකව කාර්යාලයේ ජාතික ක්‍රියාකාරී සැළැස්ම සහ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උක්ත පණතින් ම ප්‍රතිපාදන ලැබී තිබුණි. ඒ අනුව USAID අනුබද්ධ Global Communities Sri Lanka ආයතනයේ මුල්‍ය ප්‍රධානයෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ විය. ඒ් සඳහා දිස්ත්‍රික් 25 ම සහ සමාජයේ සෑම ස්ථරයක් ම ආවරණය වන පරිදි වූ ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීමට‌ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය තීරණය කරනු ලැබූ අතර බිම් මට්ටමේ සිට සෑම සමාජ ස්ථරයකම අදහස් ලබා ගැනීම තුළ වඩා ඵලදායී ප්‍රතිඵලයක් ළගා කර ගත හැකි වෙතැයි අපේක්ෂා කරන ලදි.


ඒ් අනුව මෙම ක්‍රියාවලිය 2024.10.08 දින වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලද අතර පිළිවෙලින් මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත දක්වා සියලුම දිස්ත්‍රික් නියොජිතයින්ගේ සහභාගීත්වය ලබා ගනිමින් අඛණ්ඩ දින 15 ක් තුළ දී අවසන් කරන ලදි. ඉතා වෙහෙසකර නමුත් මෙම අභියෝගය සාර්ථකව ජය ගැනීමට ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලෙය් නියෝජ්‍ය අධ්‍යක්ෂ සඳුනි ආරියවංශ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ වරුන් වන ඒච්. ඒස්. ලක්මාල් මයා, ටී.ජී.ඒස්.කේ. කුමාර මයා ගේ සම්පත් දායකත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජාතික ඒ්කාබද්ධතා නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සිය පූර්ණ සහයෝගය ලබා දුන් අතර සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම් වරුන් අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් මැතිවරණ සමයකදී වුවද සිය පූර්ණ අවධානය මෙ සම්බන්ධයෙන් යොමුකර අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදි. ඒසේම මැතවරණ කොමිෂන් සභාව ඉතා ඉක්මනින් මෙම රැස්වීම් මාලාව පැවැත්වීම සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීම ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය.


මෙම ක්‍රියාවලියේ ජාතික මට්ටමේ රැස්වීම් දෙකක් සැළසුම් කළ අතර රාජ්‍ය නිලධාරීන්ගේ උපදේශනයන් ලබා ගැනීම සඳහා වන රැස්වීම 2024.10.29 දින දී ද සිවිල් සමාජ ක්‍රියාකාරීන් සඳහා වන රැස්වීම 2024.10.30 දින දී ද කොළඹ සොෆියා සිටි හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදි. මෙහිදී ලබා ගත් දත්ත සහ තොරතුරු පදනම් කරගනිමින් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ ජාතික සංහිඳියා ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇත.