මහනුවර දිස්ත්‍රික් සංහිදියා කමිටුවේ උපදේශක මණ්ඩලය පත් කෙරේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය එක්ව බිම්මට්ටමේ සංහිදියා යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සදහා ග්‍රාමිය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමෙන් නිර්මාණය කරනු ලබන සංහිදියා කමිටු වල මහනුවර දිස්ත්‍රික් සහජීවන සංගමයේ උපදේශක මණ්ඩලය පත්කිරීම 2024.05.25 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

මෙම අවස්තාව සදහා ආගම් සියල්ල නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආගමික නායකයින්, ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන්, බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය අධි නීතීඥ අනුරාධ ජයරත්න මැතිතුමන්, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන්කුමාරි මහත්මිය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ මහතා, එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ තුෂාරි සූරිය ආරච්චි මහත්මිය, දිස්ත්‍රික් ලේකම්තුමන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්, ජාතික ඒකාබද්ධතා නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා සහජීවන සංගම් නියෝජිතයන් සහ පොදු මහජනතාව සහභාගි විය.

පහතින් දැක්වෙන පුජ්‍ය පක්ශයේ සියලුදෙනා ට එදින ගරු අමාත්‍යතුමන්ලා අතින් දිස්ත්‍රික් සහජීවන සංගමයේ උපදේශක තනතුරු ප්‍රධාණය කෙරිණ.

  • සියම් මහ නිකායේ මල්වතු මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ  කාරක සංඝ සභික ගරු රඹුක්වැල්ලේ නන්දාරාම නායක ස්වාමීන් වහන්සේ
  • සියම් මහ නිකායේ මල්වතු විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරු වැලිවිට සරණංකර නායක ස්වාමින් වහන්සේ
  • අස්ගිරි විහාර පාර්ශ්වයේ  නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි මහ විහාර පරිවේණාධිපති ගරු නාරංපනාවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ
  • අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික මුතියංගන රජමහා විහාරයේ බාර කාර ගරු මුරුද්දෙණියේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ
  • පේරාදෙණිය ශ්‍රී  භාරත පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ  මහ නිකායේ දිසා පාලක ශාස්ත්‍රවේදි අඹලියද්දේ සංඝරත්නය ස්වාමීන් වහන්සේ
  • සියම් මහ නිකායේ උඩ පළාතේ උප ප්‍රධාන සංඝ නායක සද්ධර්ම කීර්ති උඩුගම ඥානිස්සර නායක ස්වාමින් වහන්සේ
  • ශ්‍රී ක්‍රිෂ්ණමූර්ති කුරුක්කල්තුමා භාරකාරතුමා ශ්‍රී ගණදෙවි කෝවිල පේරාදෙණිය පාර මහනුවර
  • ශ්‍රී ශිව අජන්ත කුමාර කුරුක්කල්තුමා ප්‍රධාන ගුරු  ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල මහයියාව මහනුවර
  • මොහොමඩ් ෆරීඩ්  ෆස්රූල්  රහ්මාන්  මහනුවර (ප්‍රධාන මව්ලවි) මාපානවතුර වටරවුම් පාර පූර්ණවත්ත මහනුවර
  • O.L.M තාසින් මව්ලවිතුමා මරික්කාර් පල්ලිය යටිනුවර වීදිය මහනුවර
  • H.M.රිස්වාන් මව්ලවිතුමා ඒ ධර්මසේකර මාවත මහනුවර
  • H.උමර්දීන් මව්ලවිතුමා වැව පාර කටුකැලේ මහනුවර
  • හාල්දීන් උමර්දීන් මව්ලවිතුමා වැව  පාර කටුකැලේ මහනුවර
  • M.S.M.ජිෆ්රි මව්ලවිතුමා
  • ඩෙස්මන්ඩ් පෙරේරා පියතුමා C.D.L ප්‍රනාන්දු මාවත කටුගස්තොට පාර මහනුවර
  • සුදත් රෝහණ පෙරේරා පියතුමා ශාන්ත අන්තෝනි ආසන දෙව් මැදුර – මහනුවර