නැගෙනහිර පළාත් විශේෂ සංහිඳියා වැඩසටහන

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය එක්ව බිම්මට්ටමේ සංහිදියා යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සදහා ග්‍රාමිය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමෙන් නිර්මාණය කරනු ලබන සංහිදියා කමිටු වල අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් සංහිදියා කමිටු සදහා උපදේශක මණ්ඩල පත්කිරීම සහ කමිටු පිහිටුවීම  2024 පෙබරවාරි මස 22, 24 හා 25 යන දිනයන්හිදී මෙම දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයන්හිදී පවත්වන ලදී. මිට සමගාමිව 23 වන දින යෙදි තිබු නවම් පොහොය වෙනුවෙන් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය අඩඩාලච්චේන ප්‍රාදේශීය ලේකම්කාර්යාලය හා ප්‍රාදේශීය සහජීවන සංගමය එක්ව දීඝවාපි විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ධර්ම දේශනාවක් හා දන්සලක් සංවිධානය කරන ලදී. මෙම අවස්තාවන් සදහා ආගම් සියල්ල නියෝජනය කරමින් දිස්ත්‍රික්කවල ප්‍රධාන ආගමික නායකයින්, ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන්, බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය අධි නිතීඥ අනුරාධ ජයරත්න මැතිතුමන්, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ මහතා, එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ තුෂාරි සූරියආරච්චි මහත්මිය, දිස්ත්‍රික් ලේකම්වරුන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්, ජාතික ඒකාබද්ධතා නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා සහජීවන සංගම් නියෝජිතයන් සහ පොදු මහජනතාව සහභාගී විය.