සංහිඳියාවේ තෛපොංගල් උත්සවය අද (2024.01.15)

සියලු ජාතීන් අතර සමගිය හා සංහිඳියාව වැඩි දියුණු කිරීමේ අමුණින් යුතුව ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යලය විසින් සංවිධානය කළ සංහිඳියාවේ තෛපොංගල් උත්සවය අද (15) පෙරවරුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය කරෙයිනගර් අයියනාර් කෝවිල් පරිශ්‍රයේදී ආරම්භ විය.

රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් .රණසිංහ, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යලයේ සභාපති චරිත් මාරඹේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කරෙයිනගර් ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.