ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ ජාතික සංසදය විසින් සංවිධානය කරන ලද “නිරෝගී සමාජයක් සඳහා තරුණයින් සමඟ මැදිහත්වීම” වැඩසටහනේ සමාරම්භක උත්සවය

 

ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය විසින් සංවිධානය කරන සුවපත් සමාජයක් සඳහා මාධ්‍ය කරණය තාරුණ්‍ය සමග එක්ව යන වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය 2025.08.25 වන දින අනුරාධපුර රජරට ගුවන් විදුලි සේවා ශ්‍රවණාගාරයේ දී ජාතික සමඟිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්‍යාලයේ සභාපති තුමන්ගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

 

මෙම වැඩසටහන සඳහා පූර්ණ සහයෝගය ලබාදුන් රජරට ගුවන් විදුලි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසන්න දිසානායක මහතා ප්‍රමුඛ කාර්‍යය මණ්ඩලයට විශේෂ ස්තුතිය පිරිනම්මු.

 

සම්මානිත ප්‍රවීණ මාධ්‍යවේදී ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතාට ද ප්‍රවීණ දේශක ප්‍රාදේශීය මාධ්‍ය වේදී ෂෙල්ටන් මහතාට ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සම්පත් දායකත්වය සහයෝගය ලබා දුන් අතර මිහින්තලය , රඹෑව, තලාව ,තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා සංවර්ධන නිළධාරීන් හට සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරී ගයනි මහත්මියටද සිය පූර්ණ සහයෝගය ලබා දුන් බව සිහිපත් කළ යුතුය. එසේම මෙම වැඩසටහන සංවිධානය කිරීමේ දිස්ත්‍රික් වගකීම ගෙන කටයුතු කරන ලද්දේ දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරී රංග බණ්ඩාර මහතා විසිනි. තවත් නොබෝ දිනකින් ඉදිරි වැඩමුළු මාලාව ආරම්භ කිරීමට නියමිත ය.