ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය විසින් මෙහෙයවනු ලබන බහු භාෂා නාට්‍ය වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය සඳහා වන සමාරම්භක වැඩසටහන 2025.05.28 වැනි දින කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මුලතිව් දිස්ත්‍රික්කය හා අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහනේ පළමු අධියර ක්‍රියාත්මක වන අතර නාට්‍ය හා රංගකලාවට සම්බන්ධ හා සම්බන්ධ වීමට කැමති සහජීවන සංගම් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් පහලොස් දෙනෙකු බැගින් වූ කණ්ඩායම් දෙකක් සම්බන්ධ විය. ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ පාලක මණ්ඩලය විසින් මැයි 19 වැනි දින ඉදිරිපත් කරන ලද ප්‍රකාශය කියවීමෙන් අනතුරුව, පැමිණි සියලුම දෙනා පහනක් දල්වමින් නැවත ගැටුමක් ඇති නොවීමත්, සුවපත් සමාජයක් සඳහා වන ප්‍රතිඥාව දීමෙන් පසු වැඩසටහන ආරම්භ විය.
මෙම වැඩමුළුවේ හඳුනාගැනීම සඳහා වන ක්‍රියාකාරකම් සිදු කිරීම අනුරාධපුර ප්‍රදේශයෙන් ම හඳුනාගත් තරුණ සම්පත්දායකයකු වන දෙනෙත් මහතා සිදු කරන ලද අතර, ඉන් පසුව කලා හා සංස්කෘතික හා මාධ්‍ය හා මහජන සම්බන්ධතා පිළිබඳ සහකාර අධ්යක්ෂ විසින් වැඩසටහන මෙහෙයවන ලදි, එසේම ආයතනයේ පාලක මණ්ඩල ලේකම් මිතිනි දිසානායක මෙනවිය සිය වයලීනයේ තත් හඩවමින් වැඩසටහනට අලංකාරයක් එකතු කළ අතර, ඇය සංගීතය සහ ශ්‍රී ලාංකික සංගීතයේ පොදු ආකෘතිය සොයා යාම පිළිබඳ ඔවුන් දැනුවත් කරන ලද අතර විවිධාකාරයෙන් වැඩසටහන මෙහෙයවීමට එක්විය. ප්‍රධාන දේශනය මෙම කාර්යාලයේ සභාපතිතුම විසින් පවත්වන ලදි.
අවසානයේ විවිධ ක්‍රියාකාරකම්, සංවාද ඔස්සේ මුලතිව් හා අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් දෙක ඉතා සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගත් බව පැහැදිලිව හදුනාගත හැකි විය. ඒ අනුව මෙම නාට්‍ය වැඩසටහනට අවශ්‍ය කරන සම්පත්දායකයින්, ශිල්පීන් සොයා ගැනීමටත් සමත් විය.
සුවපත් සමාජයක් ගෙන යනු ලබන මෙම වැඩසටහන තුළ, කැබිතිගොල්ලෑව, මුලතිව් ආදී ප්‍රදේශයන් හි පොදු මහජනතාව මුහුණ දුන් අද්දැකීම්, ඔවුන්ට ආවේණික වූ කථාව තුළින් ඔවුන්ගේම ශක්තියෙන් නිර්මාණකරණයෙන් ප්‍රභල වෘත්තීය මට්ටමේ නාට්‍ය නිර්මාණයක් සිදු කිරීම මෙම කාර්යාලයේ අපේක්ෂාව වන අතර ඒ ඔස්සේ මුළු මහත් සමාජය තුළ ම සුවපත්වීමේ කථිකාවක් ගොඩ නැගීමටත් ඒ තුළින් සුවපත් සමාජයක් ගොඩ නැගීමටත් අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන මුලතිව් දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරී සහ අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරී විසින් සම්බන්ධීකරණය සිදුකරන ලද අතර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ඇතුළු විවිධ කණ්ඩායම් සහාය දක්වන ලදි. මෙම වැඩසටහනේ මීළග පියවර මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවෛක්කාල් හෝ ආශ්රිත ප්‍රදේශයක එළැඹෙන ජූනි 13-14 යන දිනයන්හි පැවැත්වීමට සැළසුම් කරමින් වැඩසටහන අවසන් කෙරිණ.














