ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී දහසය වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සුවිශේෂී වැඩසටහන

 

ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ පාලක මණ්ඩලය විසින් ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී දහසය වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සුවිශේෂී වැඩසටහන කාර්යාල පරිශ්රෙය්දී (2025.05.19) පෙ.ව. 9.30 සිට 11.00 දක්වා පැවැත්විණ. එහිදී කාර්යාලයේ පාලක මණ්ඩලය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද ප්රකාශය ත්රෛයිභාෂාවෙන් ම ජනගත කරන ලදි. මෙම වැඩසටහනට සමගාමීව සුවපත් සමාජයක්, සුපවත් ලෙවක් සඳහා වන ප්රතිඥාවක් ලබා දෙමින් සාමයේ පහන්සිළු දැල්වීම ද සිදුකළ අතර දිවයින පුරා දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මෙන් ම සහජීවන සංගම් සාමාජිකයන් ද මාර්ගගත ක්රමයට ප්රධාන වැඩසටහන සමග එක් විය. වැඩසටහන ආරම්භ කරමින් ආයතනයේ සභාපති ජ්යේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් මහතා සුපවත් සමාජයක් සුවපත් ලොවක් පිළිබඳ ගැඹුරු විග්රහයක් සිදුකරන ලදි. පහන් දල්වමින් ප්රතිඥා දීමෙන් අනතුරුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමිය නායකයින් සිය අදහස් දක්වමින් සුවපත් සමාජයක් වෙනුවෙන් සිය ආශීර්වාද එක් කළ අතර, මෙම වැඩසටහනට අධිකරණ අමාත්යාංශයේ ජාතික ඒකාබද්ධතා නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතා, අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) කේ. මහේසන් මහතා, අතිරේක ලේකම් (පාලන) සමන්කුමාරි මහත්මිය, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති තුමා, ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන්, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, අධිකරණ අමාත්යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා විගණන අංශය, රාජ්ය භාෂා ආයතනයේ නිලධාරීන් මෙන් ම හවුල්කාර පාර්ශව ආයතන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ විය. ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ සහකාර අධ්යක්ෂ එච්.එස්. ලක්මාල් මහතා පැමිණ සිටි පිරිසට ස්තූති කිරීමෙන් පසුව වැඩසටහන් අවසන් විය.